ඔස්ට්‍රේලියාව තුළ මේ වනවිට නව කොරෝනා වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇති වික්ටෝරියා ප්‍රාන්තය තුළ වෛරසය පාලනය කිරීම සඳහා මෙල්බර්න් සාත්තු නිවාස වෙත ඔස්ට්‍රේලියානු වෛද්‍ය ආධාර කණ්ඩායම (AUSMAT) යොදවා තිබේ.
AUSMAT කණ්ඩායම් සාමාන්‍යයෙන් ආපදා කලාප වෙත යවනු ලබන අතර වෛද්‍යවරුන්, හෙදියන්, පරිපූරක වෛද්‍යවරුන්, විකිරණවේදීන් සහ ඖෂධවේදීන් ඊට ඇතුළත් වේ.
ඔස්ට්‍රේලියාවේ ජාතික නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍ය නිලධාරි නික් කෝට්ස්වර්ත් මාධ්‍ය වෙත කියා සිටියේ, මෙම සාත්තු නිවාස හා සම්බන්ධ සක්‍රීය රෝගීන් 679කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වී ඇති බවත්, හැකි ඉක්මනින් මෙම ආසාදිතයන් ඉස්මතුවීම පාලනය කර ගැනීම ඉතා වැදගත් බවත්ය.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයෙන් ආසාදිතයන් 295ක් පමණ අද (29දා) ප්‍රකාශයට පත් කිරීමට ඉඩ ඇති බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි. ආරම්භයේ සිටම වඩාත් ප්රශ්ත අයුරින් වෛරසය පාලනය කිරීමට ක්‍රියාකළ ඔස්ට්‍රේලියාව තුළ මේ වනවිට ඇතිවී තිබෙන මෙම තත්ත්වය සමග එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 15,300 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 167ක් ලෙස සටහන් වෙයි.