ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය පසුගිය ජුනි මාසයේ සිට ප්‍රථම වරට කොවිඩ්-19 ආසාදනයක් වාර්තා නොකළ දිනයක් සනිටුහන් කර තිබේ.
එය මීට දින 111කට පෙර ප්‍රාන්තයේ අගනුවර වන මෙල්බර්න් නගරය ලොක්ඩවුන් කිරීමෙන් පසුව ආසාදන වාර්තා නොවන දිනයක් ලෙසද සැලකෙයි.
ඔස්ට්‍රේලියාවේ දෙවන රැල්ලේ කේන්ද්‍රස්ථානය වූයේ වික්ටෝරියා ප්‍රාන්තයයි. රටේ මරණ 905න් 90%කට වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රාන්තය මුලික කරගෙන සිදුවිය.
වික්ටෝරියා ප්‍රාන්තය තුළ ජූලි මාසයේදී දෛනිකව කොවිඩ්-19 ආසාදිතයන් 700කට වඩා වැඩි වූ නමුත්, නිවසේ සිට වැඩ කිරීමේ දැඩි නීතිරීති පැනවීම සහ ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම නිසා මෙම ජයග්‍රහණය ලබාගත හැකි විය.
රටේ දෙවැනි විශාලතම නගරය වන මෙල්බර්න් හි සීමා කිරීම් රාජ්‍ය නිලධාරීන් ළඟදීම ලිහිල් කරනු ඇතැයි අපේක්ෂා කෙරුණත්, මෙතෙක් සුළුවෙන් වාර්තා වූ සිද්ධීන් නිසා තවදුරටත් සීමා ලිහිල් කිරීම ප්‍රමාද කරන බව මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘ ඉරිදා පැවසීය.
කෙසේ වෙතත් අද දිනයේදී රාජ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නව ආසාදිතයන් කිසිවෙක් වාර්තා කර නොමැති අතර ප්‍රාන්තය පුරා නව මරණ කිසිවක්ද වාර්තා වී නොමැත. මෙය ජුනි 09දා සිට වික්ටෝරියා ප්‍රාන්තය අත් නොවිඳි ජයග්‍රාහී දිනයකි.