ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්සයේ කොවිඩ්-19 ආසාදිතයන්ගේ නව අභිරහස් පොකුරක් අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
සිඩ්නි හි උතුරු වෙරළ තීරයේ සිට පොකුරු සම්බන්ධ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 28ක් දක්වා ඉහළ ගොස් තිබේ. එහි සෞඛ්‍ය නිලධාරීන් විශ්වාස කරන්නේ මෙම ආසාදනයේ මූලාශ්‍රය විදේශයන්ගෙන් පැමිණි එකක් බවය.
"ඇවලෝන් කොවිඩ් -19 පොකුරේ වෛරස ජානමය අනුක්‍රමණය ඔස්ට්‍රේලියාවේ මෑත පොකුරුවල දක්නට ලැබුණු වෛරස ජානමය අනුක්‍රමණය සමග නොගැලපෙන බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව දැන් තහවුරු කරගෙන තිබෙනවා. මේ නිසා මේ අලුත් කොවිඩ්-19 වෛරසය විදේශීය සම්භවයක් ඇති බවට බොහෝ දුරට ඉඩ තිබෙනවා" යැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිකුරාදා ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් කියයි. "කෙසේ වෙතත් ආසාදන ප්රභවය තවමත් විමර්ශනය කරමින් පවතිනවා." වැඩිදුරටත් සඳහන් විය.
සෞඛ්‍ය නිලධාරීන් උතුරු වෙරළ තීරයේ පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ සිකුරාදා සහ සති අන්තයේ හැකි තරම් නිවසේ රැඳී සිටින ලෙසය.
"උතුරු වෙරළ තීරයේ සිටින අය හැකි සෑම විටම නිවසේ සිට වැඩ කිරීම, අත්‍යවශ්‍ය නම් මිස වයස්ගත සත්කාරක ස්ථානවල හෝ රෝහල්වල මිතුරන් හෝ පවුලේ අය බැලීමට නොපැමිණීම, අනවශ්‍ය රැස්වීම් සහ සමාජ ශාලා, ආපනශාලා, පූජනීය ස්ථාන සහ ජිම් වැනි අවදානම් සහිත ස්ථාන මඟ හැරීම සහ පිටත හෝ පිටත අනවශ්‍ය ගමන් මග හැරීම සිදුකරන්න" සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසීය.
මෙම පොකුරේ පළමු වැනි සිද්ධීන් පසුගිය බදාදා වාර්තා වූ අතර, පසුගිය දෙසැම්බර් 3දායින් පසු ප්‍රාන්තයේ සම්ප්‍රේෂණය වූ පළමු වැනි අවස්ථාව මෙයයි.
40 හැවිරිදි බස් රථ රියදුරෙකු බදාදා හඳුනා ගත් එක් ආසාදිතයෙකි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ මෑතදී ඔස්ට්‍රේලියාවේ පොකුරුවල දක්නට ලැබුණු ජානමය අනුක්‍රමණය සමග රියදුරුගේ වෛරස ජානමය අනුක්‍රමණය නොගැලපෙන බවයි.
"මේ වෛරසය එක්සත් ජනපදයේ සම්භවයක් ඇති ඒවා විය හැකියි. විශේෂයෙන්ම ජාත්‍යන්තර ගුවන් යානා සමග සම්බන්ධ වී මේ වෛරසය පැමිණෙන්න ඇති. කෙසේ වෙතත් පරීක්ෂණ දිගටම කරගෙන යනු ලබනවා." යනුවෙන් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.
වසංගතය ආරම්භයේ සිටම නිව් සවුත් වේල්ස් හි වෛරසය ආසාදිතයන් 4,493 ක් වාර්තා වී තිබේ.