ඔස්ට්‍රේලියාවේ ඛනිජ සම්පත් බහුල බටහිර ප්‍රදේශයේ පතල් කැණීමේ කඳවුරු ආශ්‍රිතව ලිංගික හිංසනයන් ඉහළ යාම හේතුවෙන් රජයේ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට සූදානම් වන බව වාර්තා වෙයි.
මේ තත්ත්වයත් සමග පතල් කර්මාන්තය තුළ නිපණතා සහිත වෘත්තිකයන්ගේ හිඟයක් මෙන්ම, අඩු කාන්තා නියෝජනයක් ඇතිවෙමින් තිබෙන බව අනාවරණය කරගෙන තිබේ.
රටේ ආර්ථික සමෘද්ධියේ ප්රමුඛ මූලාශ්‍රය වන බටහිර ඔස්ට්‍රේලියාවේ පතල් කඳවුරු ආශ්‍රිතව සිටින කම්කරුවන් සාමාන්‍යයෙන් හුදකලා පිරිසක් ලෙස කටයුතු කරන අතර, ඔවුහු දෙසතියකට වරක් වශයෙන් නිවෙස් වෙත පැමිණෙති.
කාන්තාවන් දළ වශයෙන් සේවකයන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු වන අතර, විවේචකයින් පවසන්නේ විනෝදාත්මක මධ්‍යස්ථාන හා මත්පැන් සැල්වලදී ලිංගික හිංසනයන් වර්ධනය වන සංස්කෘතියක් එහි නිර්මාණය වී ඇති බවය.
ලිංගික හිංසනය පිළිබඳ ඔස්ට්‍රේලියානු මානව හිමිකම් කොමිෂන් සභාවේ 2020 වාර්තාවෙන් හෙළි වූයේ පසුගිය පස් වසර තුළදී පතල් කර්මාන්තයේ යෙදුණු කාන්තාවන්ගෙන් 74%ක් යම් ආකාරයක ලිංගික හිංසනයකට ලක්ව ඇති බවය.
ඒ නිසා දැනට පවතින ඔවුන්ගේ සීමිත කඳවුරු පහසුකම් පුළුල් කිරීම මෙන්ම, පතල් කර්මාන්තය තුළ සේවය කරන කාන්තාවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා රජයේ මූලකත්වයෙන් කෙරෙන මෙම පරීක්ෂණය පහසුකම් සලසනු ඇති බව විශ්වාස කෙරෙයි.