ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය ගෙවීගිය දිනයේද සැලකිය යුතු කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා කර තිබේ.
මේ සමග ප්‍රාන්තයේ මහ ඇමති ඩැනියෙල් ඇන්ඩෘස් කියා සිටියේ රෝගය පැතිරීම වැළැක්වීම සඳහා වඩාත් දැඩි පියවර ගනිමින් සිටින බවයි.
ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තය සිකුරාදා නව ආසාදිතයන් 627ක් වාර්තා කළ අතර, බ්‍රහස්පතින්දා නව ආසාදිතයන් 723ක් වාර්තා කළේය.
"මේ සංඛ්‍යා තවමත් බොහෝ ඉහළ මට්ටමක පවතින බව අප සැමට පැහැදිලියි" ඇන්ඩෘස් මාධ්‍ය අමතමින් පැවසීය. "එය එසේ නම්, අප තවදුරටත් පියවර ගත යුතුයි. ඒ අනුව ඊළඟ පියවරයන් අවශ්‍ය වන්නේ කුමක්ද සහ කුමක් කළ යුතුද යන්න දත්ත අපට කියනු ඇති, විශේෂඥයන් අපට කියනු ඇති" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.