ඔස්ට්‍රේලියාවේ කියා සිටියේ එරට වයස අවුරුදු 50ට අඩු පුද්ගලයන් සඳහා ඇස්ට්‍රාසෙනෙකා එන්නත වෙනුවට ෆයිසර්-බයෝඑන්ටෙක් කොවිඩ්-19 මර්දන එන්නත භාවිත කිරීමට නිර්දේශ කරන බවයි.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත සහ දුර්ලභ රුධිර කැටි ගැසීමේ අවදානම අතර සම්බන්ධයක් ඇති බව පිළිගත හැකි නමුත් එය දුර්ලභ තත්ත්වයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම යුරෝපා ඖෂධ නියාමන ඒජන්සිය විසින්ද ප්‍රකාශ කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියාව මෙම පියවර ගෙන තිබේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි පෝල් කෙලී පැවසුවේ අවදානම අතිශයින් අඩු වුවත් රටේ විශේෂයන් විසින් විශාල අවදානමක් ඇති අය සඳහා ඔවුන්ගේ උපදෙස් වෙනස් කර ඇති බවයි.
මේ අතර අගමැති ස්කොට් මොරිසන් පසුව කියා සිටියේ වයස අවුරුදු 50 ට අඩු අයට තමන්ට අවශ්‍ය නම් තවමත් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවද ලබාගත හැකි බවයි. එමෙන්ම 70 ට වැඩි පුද්ගලයින්ට ඇස්ට්‍රාසෙනෙකා එන්නත දිගටම ලබාදෙන බවද ඔස්ට්‍රේලියාව කියයි.