නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආර්ඩර්න් අද (05දා) පැවති ඔස්ට්‍රේලියානු ජාතික කැබිනට් රැස්වීම සඳහා අගමැති ස්කොට් මොරිසන් සමග එක්ව තිබේ.
දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව, එනම් වසර 75කට පසුව නවසීලන්ත නායකයෙකු ඔස්ට්‍රේලියාවේ ජාතික කැබිනට් රැස්වීමට සහභාගී වූ පළමු වැනි අවස්ථාව මෙය බව ආර්ඩර්න් පවසයි.
මොරිසන්ට අනුව, කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම පිළිබඳ නවසීලන්තයේ අත්දැකීම් බෙදාහදා ගැනීම සඳහා රැස්වීමට එක්වන ලෙස ආඩර්න්ට ආරාධනා කර තිබේ.
මීට අමතරව නිරෝධායන සීමාවන්ගෙන් ඔබ්බට දෙරට අතර සංචාරය කිරීමට ඉඩ සලසන සංචාරක බුබුලක් ඇතිවීමේ හැකියාව පිළිබඳව සති කිහිපයක සිට දෙරටේ නායක නායකයෝ සාකච්ඡා කරමින් සිටිති.