ඔස්ට්‍රේලියාවේ දින 100 කට වඩා වැඩි කාලයක් අගුලු දැමීමෙන් පසු වික්ටෝරියා ප්‍රාන්තයේ දැඩි කොරෝනා වෛරස් සීමා කිරීම් ලිහිල් කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ.
වික්ටෝරියා ප්‍රාන්තය ආශ්‍රිතව ඇති වූ නව කොරෝනා වෛරස පොකුර පාලනය කිරීමෙන් පසුව මෙම තීරණය ගැනීමට බලධාරීන්ට හැකිවී ඇත.
ඒ අනුව අද දිනයේ සිට මිනිසුන්ට නිවසින් පිටත කොපමණ කාලයක් ගත කරනවාද යන්න පිළිබඳ කාල සීමාවක් නොමැති අතර, නිදහසේ ගමන් කිරීමටත්, මිතුරන් හමුවීමටත් අවස්ථාව ලබාදී තිබේ.
එහෙත් අවන්හල් සහ සිල්ලර වෙළෙඳ සැල් සඳහා දැඩි පියවරයන් තවමත් ක්‍රියාත්මක වන්නේ, රැගෙන ගොස් ආහාර ගැනීමට හා ආහාර බෙදාහැරීමේ විකල්ප පමණක් ලබාදෙමිනි.
දැඩි අගුලු දැමීමක් පැවති මෙල්බර්න් නගරයේද නීති රීති ලිහිල් වනු ඇති බව කියයි.