ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ බොහෝ ස්ථාන වසා දැමීමට නියෝග කර ඇති අතර, අත්‍යවශ්‍ය නොවන සිල්ලර වෙළඳාම තහනම් කර ඇත්තේ සති තුනක් පුරා කොවිඩ්-19 ආසාදන ඉහළ යමින් පවතින බැවිනි.
මේ තත්ත්වය තුළ නගරබද කොවිඩ්-19 සීමාවන් පවතින කාලයේදී, කාර්යාල වෙත සේවකයන් ගෙන්වන සේවායෝජකයන් වෙත දඩ මුදලක් පැනවීමටද බලධාරීන් නියම කර තිබේ.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ බලධාරීන් සෙනසුරාදා සිඩ්නි නගරයේ බටහිර තදාසන්න ප්‍රදේශවල, එනම් දරුණුතම බලපෑමට ලක්වූ ප්‍රදේශයේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ඔවුන්ගේ ආසන්නතම අසල්වැසි ප්‍රදේශ වෙත ඉවත්ව යාම තහනම් කර ඇත.
එසේම ප්‍රාන්තය වෛරසයෙන් අතිරේක මරණයක් වාර්තා කළ අතර, වර්ෂය ආරම්භයේ සිට කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 3ක් දක්වාත්, වසංගතය ආරම්භ වූ දින සිට සමස්ත මරණ සංඛ්‍යාව 913ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
"අපේ ප්‍රාන්තය මෙතරම් දුරට අභියෝගයට ලක් වූ කාලයක් මට මතක නැහැ" යැයි නිව් සවුත් වේල්ස් මහ ඇමතිනී ග්ලැඩිස් බෙරෙජික්ලියන් ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.