ඔස්ට්‍රියාවේ, මධ්‍යම වියානාහි තුවක්කුකරුවන් කිහිප දෙනෙකු සම්බන්ධ වී එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් අවම වශයෙන් එක් අයෙකු මිය ගොස් 15 දෙනෙකු තුවාල ලබා ඇති බව ඔස්ට්‍රියානු පොලිසිය පවසයි.
සැකකරුවන්ගෙන් එක් අයෙකුද වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
ඔස්ට්‍රියාවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය කාල් නෙහෙමර් මෙම සිදුවීම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස විස්තර කර ඇති අතර, පොලීසිය විසින් ප්‍රහාරකයන් සොයා ගැනීමට උත්සාහ කරන බැවින් ගෘහස්ථව රැඳී සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා තිබේ.
"අපි තවමත් ත්රස්තවාදීන්ට එරෙහිව සටන් කරමින් සිටිසනවා. දැඩි ලෙස ආයුධ සන්නද්ධ අපරාධකරුවන් කිහිප දෙනෙකු සිට අප බව අප විශ්වාස කරනවා." ඔහු වැඩිදුරටත් විස්තර කර තිබුණේ තවත් එක් සැකකරුවෙකු පළා යමින් සිටින බවය.
එරට වේලාවෙන් සඳුදා රාත්‍රී 8.00 ට පමණ ඔස්ට්‍රියානු අගනුවර නගර මධ්‍යයේ ස්ථාන 06ක වෙඩි හුවමාරුවක් සිදුවී තිබුණි. කොවිඩ් -19 යළි නැගිටීම වැළැක්වීම සඳහා ලොක්ඩවුන් තත්ත්වයක් ආරම්භ කිරීමට පැය කිහිපයකට මෙම සිදුවීම ඇති වූ බව පොලිසිය පවසයි.
වියානාහි නගරාධිපති මයිකල් ලුඩ්විග් පැවසුවේ, "අපි උත්සාහ කරන්නේ අපරාධකරුවන් ගැන වැඩි විස්තර සොයා ගැනීමට සහ ජනතාව සුරක්ෂිතව තබා ගැනීමටයි." යනුවෙනි.
මේ අතර යුරෝපයේ සහ ලොව පුරා රාජ්‍ය නායකයන් දැනටමත් මෙම ප්‍රහාරය හෙළා දැක ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.