එන්නත් බෙදාහැරීමේ සැලැස්මක් ප්‍රකාශයට පත් කළ නවතම රට බවට ඔස්ට්‍රියාව පත්ව ඇත්තේ, එරට චාන්සලර් සෙබස්තියන් කුර්ස් මෙම සුබ ආරංචිය එරට ජනතාවට නිවේදනය කිරීමත් සමගිනි.
ඒ අනුව වැඩිහිටියන්ට, සාත්තු සේවකයන්ට සහ වෛද්‍ය සේවකයන්ට මෙම එන්නත් ජනවාරි මාසය වනවිට ලබාදීමට ඔවුන් බලාපොරොත්තු වෙයි.
යුරෝපා සංගමය ඇස්ට්‍රාසෙනෙකා, මෝඩර්නා සහ ෆයිසර් ඇතුළු විවිධ ඖෂධ නිෂ්පාදකයන් සමග එන්නත් මාත්‍රා මිලියන ගණනක් සැපයීම සඳහා ගිවිසුම් අත්සන් කර ඇත.
ලබන ගිම්හානය වනවිට ඔස්ට්‍රියාව යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාස කරන බව චාන්සලර් කුර්ස් පැවසීය.