ජපානයේ අගනුවර වන ටෝකියෝ සෙනසුරාදා තවත් කොවිඩ්-19 ආසාදිතයන් 1,410ක් වාර්තා කර ඇති අතර, ජනවාරි මාසයේ සිට වාර්තා වූ ඉහළම ආසාදිතයන් සංඛ්‍යාව බව එරට මහජන ගුවන් විදුලි නාලිකා NHK පවසයි.
මේ අතර ටෝකියෝ ඔලිම්පික් මලල ක්‍රීඩා ගම්මානයේදී විදේශ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් අද වාර්තා කර තිබුණි.
ඔලිම්පික් ගම්මානයේ ක්‍රීඩකයෙකු විසින් ධනාත්මක කොවිඩ්-19 පරීක්ෂණය තහවුරු වූ පළමු වැනි අවස්ථාව මෙය බවද කියයි.