වසංගතය අතරතුර සෞඛ්‍ය ඇතුළු ඉදිරි පෙළ සේවකයන් දැරූ උත්සාහය ගැන බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජින ප්‍රශංසා කර ඇති අතර, ඇයගේ වාර්ෂික නත්තල් රූපවාහිනී විකාශනයේදී ඇය ප්‍රකාශ කළේ පසුගිය වසර පුරා මිනිසුන් විසින් පෙන්වන ලද නිහඬ හා අවිනිශ්චිත ජීවිතය තුළ තමාද සලිත වූ බවයි.
"සෑම වසරකම අපි නත්තල් පැමිණීම විදුලි පහන් දල්වමින් සමරනවා" රැජින පැවසුවේ මේ වසරේ මිනිසුන්ට සුපුරුදු පරිදි නත්තල් සැමරීමට නොහැකි වූ බවයි.
"නමුත් අපට ඉදිරියට යාමට ජීවිතය ආරක්ෂා කරගැනීමට අවශ්‍යයි" ඇය තවදුරටත් පැවසුවාය. "අත්‍යවශ්‍යයෙන්ම මිනිසුන් වෙන් කර තැබූ වසරක් වුවත්, බොහෝ ආකාරවලින් අපව සමීප කර තිබෙනවා."
එක්සත් රාජධානියේ බොහෝ ප්‍රදේශ මේ වනවිට දැඩි ලෙස කොවිඩ්-19 වෛරස් සීමාවන්ට ලක්ව ඇති අතර, ශීත සෘතුවේ දී ඇති වූ ආසාදන ඉහළ යෑම හේතුවෙන් බොහෝ පවුල් නත්තල් සමයේදී රැස්වීම වළක්වා ඇත.
"ඇත්ත වශයෙන්ම බොහෝ දෙනෙකුට, මේ වසරේ කාලය දුකක් දැනෙන්නට ඇති" රැජින පැවසීය. "සමහරු තම ආදරණීයයන් අහිමි වීම ගැන වැළපෙනවා. තවත් සමහරු තම මිතුරන් සහ පවුලේ සාමාජිකයන් ආරක්ෂාව සඳහා දුරස්ථව සිටිනවා. නත්තලේදී ඔවුන් සැබවින්ම කැමති වන්නේ සරල වැලඳගැනීමක් වුවත් මෙවර එය අහිමි වෙලා. නමුත් ඔබ හිතින් ඔවුන් අතර සිටී නම්, ඔබ තනි වී නැති අතර මගේ සිතුවිලි හා යාඥාව නිරන්තරයෙන් ඔවුන් සමග පවතින බව මට සහතික විය හැකියි." යනුවෙන් වැඩිදුරටත් කියා සිටියාය.