ඔක්තෝබර් කුමන්ත්‍රණය කළේ ජනපති ලේකම් කාර්යාලයේ සිටයි
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන් ඉවත් කරමින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කිරීමට අදාළ දේශපාලන කුමන්ත්‍රණය ක්‍රියාත්මක කළේ ජනපති ලේකම් කාර්යාලයේ සිට බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.
අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ඒ අනුව ජනපති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂය පරාජය කිරීමට යෝජනාවක් පැමිණි බවද ඔහු සඳහන් කළේය.
ජනපතිවරයා සඳහන් කරන දෑ සදහා කිසිවෙක් සවන් නොදෙන්නේ නම් ජනපතිවරණයට යොමුවන ලෙසත් ඔහු සඳහන් කළේය.

popular news
-
rocky Wednesday, 13 March 2019 06:09 PM
ජනාධිපතිවරයා මුල පටන්ම දෙපිටකාට්ටු කම් කල බව පැහැදිලියි. අද ඔහු මහින්දගේ අතේ නැටවෙන රූකඩයක්. ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු මොහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන්නට අසමත් වීමෙන් මේ ආණ්ඩුවේ අදක්ෂකමත්, ඉල්ලා අස් නොවීමෙන් ජනාධිපතිවරයාගේ ලජ්ජා නැති කමත් තහවුරු වෙනවා!ඔහු තව දුරටත් මේ රටේ ජනාධිපති ලෙස සැලකිය යුතු නැහැ!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

