ඔක්ස්ෆර්ඩ් සරසවියේ නව කොරෝනා වෛරස එන්නතේ අත්හදා බැලීම් එය ස්වෙච්ඡාවෙන් ලබාගත් අයෙකුට පැහැදිලි කළ නොහැකි රෝග ලක්ෂණයන් ඉස්මතු කිරීම නිසා පසුගියදා අත්හිටුවීමෙන් පසුව, එය නැවත ආරම්භ කරන බව එම විශ්ව විද්‍යාලය නිවේදනය කරයි.
ඖෂධ ක්ෂේත්රයේ දැවැන්තයෙකු වන ඇස්ට්‍රාසෙනෙකා සමග කටයුතු කරන ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය, මෙම අත්හදා බැලීම් නැවත ආරම්භ වන්නේ කුමන දිනයකදැයි ප්‍රකාශ කර නැත.
"මෙම මානව අත්හදා බැලීම්වල කොටසක් ලෙස ගෝලීය වශයෙන් පුද්ගලයින් 18,000කට පමණ අධ්‍යයන එන්නත් ලබා දී තිබෙනවා. මෙවැනි විශාල අත්හදා බැලීම්වලදී, සමහර සහභාගිවන්නන් අසනීප වනු ඇතැයි අපේක්ෂා කරන අතර, එහි ආරක්ෂාව පරිස්සමින් තක්සේරු කිරීම සහතික කිරීම සඳහා සෑම සිද්ධියක්ම හොඳින් ඇගයීමට ලක් කළ යුතුයි." එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.