එක්සත් රාජධානිය ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදුන් ලොව පළමු රට බවට පත්වෙමින් අද (04දා) සිට එරට තුළ එන්නත්කරණ වැඩසටහන අරඹන බව පසයි.
එරට ජාතික සෞඛ්‍ය සේවය පවසා සිටියේ ඉතිහාසයේ විශාලතම ප්‍රතිශක්තිකරණ වැඩසටහන වේගයෙන් අප වෙත එලැඹ ඇති බවය. මෙම එන්නත් මුලින් නිරීක්ෂණ මට්ටමේ එන්නත්කරණ කටයුතු සඳහා පළමු දින කිහිපය සඳහා රෝහල් කුඩා ප්‍රමාණයකට ලබාදෙනු ඇත.
දැනටමත් ක්‍රියාත්මක වන එන්නත් ස්ථාන 700කට අමතරව තවත් රෝහල් 100ක් සහ සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන 180ක්ද මේ සතියේදී මෙම වැඩසටහන වෙනුවෙන් අපේක්ෂා කෙරේ. වර්තමාන සහ හිටපු ජාතික සෞඛ්‍ය සේවයේ වෘත්තිකයන් දස දහස් ගණනක් එන්නත්කරණ වැඩසටහන සඳහා පුහුණු කරනු ලැබේ.
ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත ප්‍රවාහනය කිරීම හා ගබඩා කිරීම පහසුය. එය පසුගිය මාසයේදී එක්සත් රාජධානියේ භාවිතය සඳහා අනුමත කරන ලද අතර සෙල්සියස් අංශක සෘණ 70ක ගබඩා කළ යුතු ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතට වඩා වැඩිහිටි නිවාස වෙත ලබාදීම පහසු බව කියයි.
ඒ අනුව එරට ජාතික සෞඛය සේවය අපේක්ෂා කරන්නේ බොහෝ සත්කාර නිවාසවල සිටින වැඩිහිටියන්ට මෙම මාසය අවසානයේදී එන්නත ලබාගත හැකිවනු ඇති බවය.
අද ආරම්භ කෙරෙන එන්නත් වැඩසටහන සඳහා ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රාවන් 530,000ක් රට තුළ දැනටමත් ඇති බව අගමැති බොරිස් ජොන්සන් පවසා සිටියේය.
මේ අතර ඉරිදා සෞඛ්‍ය ලේකම් මැට් හැන්කොක් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ජාතික සෞඛ්‍ය සේවය විසින් ෆයිසර් - බයෝඑන්ටෙක් මාත්‍රාවන් මිලියනයක් දැනටමත් එරට ජනතාව වෙත ලබාදී ඇති බවය.