ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායක රැස්වීම සඳහා 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරමින් හිටපු අමාත්‍යවරුන් වන එස්.බී.දිසානායක සහ ජෝන් සෙනෙවිරත්න මහත්වරුන් සහභාගි කරවීමට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම තිරණය කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම් නායකයන් හා නියෝජිතයන් සහභාගිවන සාකච්ඡා සිදු වේ.
ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා එක් කණ්ඩායමක් ලෙස කටයුතු කරන නිසා ඔවුන් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම රැස්වීම්වලට සහභාගි කරගැනීමට තීරණය කර තිබේ. මෙම තීරණයට අනුව සම නායකයන් ලෙස 16 දෙනාගේ කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨතමයන් දෙදෙනා වන එස්.බී.දිසානායක සහ ජෝන් සෙනෙවිරත්න යන මහත්වරුන් නම් කර ඇත.
මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කළ ඩිලාන් පෙරේරා මහතා තමන් තනතුරින් ඉවත් කිරීම පිළිබඳ ප්‍රශංසා කර අද (13දා) පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් බාරදීමට සැලසුම් කර තිබේ.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය විවේචනය කිරීම හා පොදුවේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම විවේචනය කිරීමේ චෝදනාව මත ඩිලාන් පෙරේරා මහතා පක්ෂ මාධ්‍ය ප්‍රකාශක තනතුරින් ඉවත් කළ බව වාර්තා වේ.
