ඒකාබද්ධයේ 16 කණ්ඩායම ජිනීවා යෑමට සැරසෙයි
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවේ කතා කිරීමට ලැබෙන කාලය ප්‍රමාණවත් නොවන නිසා ඒ පිළිබඳ කථානායක කරු ජයසූරිය මහතාට හා ජිනීවා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සඳහන් කළේය.
ලබන සතියේදී මෙම පැමිණිලි ඉදිරිපත් කරන බවත්, ලැබෙන කාලය ප්‍රමාණවත් නොවීම පිළිබඳ මේ වනවිට ලෝක පාර්ලිමේන්තු සංසදයේ සභාපති Gabrieia Cueves Barron මහත්මියට වාර්තාවක් ලබාදුන් බවත් ඔහු පවසා සිටියේය.
පාර්ලිමේන්තුවේ අවස්ථාව හිමිවීම යටතේ මන්ත්‍රීවරුන් 70ක් සිටින ඒකාබද්ධ කණ්ඩායමට හිමි වන්නේ 15%ක් බවත්, එහෙත් ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 23 දෙනාට 15%ක්,සාමාජිකයන් 16ක් සිටින ටී.එන්.ඒ.සංවිධානයට 15%ක්, මන්ත්‍රීවරුන් 06ක් සිටින ජනතා විමුක්ති පෙරමුණට 15%ක් සහ මන්ත්‍රීවරුන් 106ක් සිටින එක්සත් ජාතික පෙරමුණට 40%ක් හිමිව තිබෙන බවද ඒ මහතා කියා සිටියේය.
මේ නිසා මන්ත්‍රීවරුන් 70ක් සිටින ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තු කතා කාලවලින් 30%ක් හිමි විය යුතු බවද හෙතෙම සඳහන් කළේ ඊයේ (26) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

popular news
-
Champa Friday, 27 July 2018 07:31 PM
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් බන්දුල, ගම්මන්පිල සහ මට මතක නැහැ අනිත් නම් 2016 ජිනීවා ගිහින් IPU එකට ඔය ගැන කලින්ම පැමිණිලි කරා. Follow up කලාද කියල දන්නේ නැහැ. ඊට පස්සේ ගම්මන්පිලව අවුරුදු 19ක්ද කොහෙද පරණ කතාවකට අත් අඩංගුවටත් ගත්ත ආණ්ඩුව.
Reply : 0 0
Don Friday, 27 July 2018 07:54 PM
JO -kers are talking too much and most of them talk nonsense !!
Reply : 0 0
DAYAN Friday, 27 July 2018 08:12 PM
මේවා පක්ෂ නායකයෝ කතා කරලා විසඳ ගත යුතු ඒවා. ලජ්ජා නැද්ද පිට රට වලට යන්න. ලජ්ජා නැති මිනිස්සු.
Reply : 0 0
Saththaya Saturday, 28 July 2018 07:39 AM
ප්රශ්නය තියෙන්නේ කතා කරනකොට ගද ගහන නිසානේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
