ආණ්ඩුවේ පාර්ශ්ව පවසන ආකාරයට ඒකාබද්ධ විපක්ෂයේ බෙදීමක් නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද (20) පැවසීය.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයා වශයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කරන බවත්, අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී ඕනෑම තැනකට එම කණ්ඩායමේ මන්ත්‍රිවරුන් 54 දෙනා ගෙන්වා පෙන්වීමට සූදානම් බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂය දෙකඩ කිරීම සඳහා ආණ්ඩුවට උවමනා වී තිබෙන බවත්,ආණ්ඩුව ගෙදර යවනතුරු ඒකාබද්ධ විපක්ෂයට කළහැකි සෑම දෙයම කරන බවත් හෙතෙම පවසා සිටියේය.
බොරැල්ල ඇන්.ඇම්.පෙරේරා කේන්ද්‍රයේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවේද හෙතෙමමෙම අදහස් පළකළේය.
