වර්තමාන ආණ්ඩු කාලය තුළදී රුපියල් බිලියන හත්දහසකට අධික මුදලක් ණය වශයෙන් ලබාගෙන තිබෙන බවත්, මේ නිසා ඒකපුද්ගල ණය ප්‍රමාණය පන්ලක්ෂ හතළිස්දහස දක්වා ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වූයේ ඒකපුද්ගල ආදායම් ඩොලර් දොළොස්දහසක් බවට පත්කරන පොරොන්දුව ලබාදෙමින් බවත්, එහෙත් අද වනවිට ඒකපුද්ගල ආදායම ඩොලර් හාරදහස් පන්සියයක් බවද එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.
2015 වසරේදී වර්තමාන ආණ්ඩුව රට භාර ගන්නාවිට ඒකපුද්ගල ආදායම ඩොලර් හාරදහස් දෙසියයක් බවත්, මේ ආකාරයට ඒකපුද්ගල ආදායම ඉහළ ගියහොත් ඩොලර් දොළොස්දහසේ සීමාවට ලංවීමට වසර එකසිය හැටකට අධික කාලයක් ගත වන බවත් අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහලේකම්වරයා පවසා සිටියේය.