යාපනය මහනුවර ඒ-9 ප්රධාන මාර්ගයේ පූනෑව ප්රදේශයේදී අද (25) අලුයම සිදු වූ බස් රථ අනතුරකින් මගීන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බව මැදවච්චිය පොලීසිය පවසයි.
කොළඹ සිට මුලතිව් පුදුකුඩිඉරිප්පු දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පූනෑව නාවික හමුදා කඳවුර ආසන්නයේ මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක සහ විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරින් තුවාල ලැබූවන් වවුනියාව මහ රෝහලට සහ මැදවච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.
බස් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුව ඇති අතර අනතුරින් බස් රථයට දැඩි අලාභ හනි සිදුව තිබේ.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මැදවච්චිය පොලීසිය සිදුකරයි.


