එළවළු හා පළතුරු රජයෙන් මිලට ගන්න වැඩපිළිවෙලක්
- 8 06 2021
- 14:08
- {{hitsCtrl.values.hits}} views
- ..
ගොවීන්ට අලෙවි කරගත නොහැකි අතිරික්ත එළවළු සහ පළතුරු තොග රජය මගින් මිලදී ගෙන බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
ඒ, රජය විසින් පනවන ලද දීපව්‍යාප්ත සංචරණ සීමා හේතුවෙන් සිය නිෂ්පාදිත සාමාන්‍ය පරිදි ප්‍රවාහනය කිරීමට හා වෙළෙඳාම් කිරීමට නොහැකි වීම මත එම එළවළු, පළතුරු විනාශ වී යාම හේතුවෙනි.
ඒ අනුව අලෙවි කර ගැනීමට නොහැකි වන එළවළු සහ පළතුරු තොග දිස්ත්‍රික් මිල කමිටුවේ මිල ගණන් යටතේ දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් මිලදී ගැනෙනු ඇති.
අනතුරුව ඒවා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන, රජයේ රෝහල්, ත්‍රිවිධ හමුදා හා අවතැන් කඳවුරු වෙත මෙන්ම ජීවනෝපාය අහිමි පවුල්වල අවශ්‍යතා මත නොමිලේ බෙදාදීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
