දිවයින පුරා බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ එළවළු මිල ගණන් ඉහළ ගොස් තිබේ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණ එලවළු මිල ගණන්ද අද (29දා) පෙරවරුවේ විශාල වශයෙන් ඉහළ ගොස් පැවතිනි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය අවමවීමත් ලැබෙන එළවළු නිසි ප්‍රමිතියකින් තොර වීමත් හේතුවෙන් ඉල්ලුම වැඩිවී මෙයාකාරයෙන් මිල ඉහළ යෑම සිදුව ගොස් තිබේ.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග මිල (කිලෝව)
අමුමිරිස් - රුපියල් 250
කරවිල - රුපියල් 250
මාලුමිරිස් - රුපියල් 300
කැරට් - රුපියල් 260
ගෝවා - රුපියල් 120
දඹල - රුපියල් 140
බෝංචි - රුපියල් 100
තුඹ කරවිල - රුපියල් 240
මෑකරල් - රුපියල් 140
වම්බටු - රුපියල් 70
නෝකෝල් - රුපියල් 80
දඹුල්ල කාංචන කුමාර ආරියදාස