ඒකාබද්ධ විපක්ෂයට ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා එකතු වූ බවට සඳහන් කළත් මේ වන විට එම කණ්ඩායමේ සිටින්නේ 14 දෙනෙකු පමණක් බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි.
එම 16 දෙනාගෙන් එස්.බී. දිසානායක මහතා හා දයාසිරි ජයසේකර මහතා ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වී නොමැති බවද එම සංවිධානයේ ජාතික සංවිධායක රංජිත් ද සොයිසා මහතා පවසා සිටියේය.
මීට අමතරව ආණ්ඩුවේ සිටින තවත් කණ්ඩායමක් විපක්ෂයට එකතු වීමටද නියමිත බව හෙතෙම සඳහන් කළේය.
