එල්ලුම්ගහ ගැන ජනමත විචාරණයක් තියන්න
එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීමට කැමති පිරිසක් මෙන්ම අකමැති පිරිසක් සිටින බැවින් හොඳම දේ ජනමත විචාරණයක් පවත්වා ඒ පිළිබඳව තීරණයක් ගැනීම බව අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසූයේ වැල්ලවායේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
“මැතිවරණයට කලින් පොඩි සමීක්ෂණයක් කළා. දහ දාහකින් ඇහුවාම 9900ක් කිව්වා මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉන්න අයටයි. කුඩා ළමයින්ව දූෂණය කරලා ඝාතනය කරන අයටයි එල්ලුම්ගහ දෙන්න කියලා. ඊට පස්සේ අපි අපේ වේදිකාවලත් ඒක කිව්වා.
මම නම් හැමදාම ජනතාවගේ ආරක්ෂාවට පූර්වාදර්ශයක් දෙන ලෙසට රටට අහිතකර, රටේ අනාගතයට අහිතකර දේ සිදුකරන අයට එල්ලුම් ගහ දිය යුතුයි කියන මතයේ ඉන්නවා. මෙයට විරුද්ධ කට්ටිටියකුත් ඉන්නවා. මම හිතන්නේ හොඳම වැඩේ ජනමත විචාරණයක් තියෙන එකයි” යැයි පැවසීය.
popular news
-
ranjith Monday, 30 July 2018 02:42 AM
හොද අදහසක් ජනතාවගේ තීරණය දෙනගන්න පුළුවන් රටේ තීන්දු ජාවාරම් කාරයන්ගේ සල්ලි වලට කෙගහන මද්දිය කාරයන්ට හරි රාජ්‍ය නොවන සංවිදාන වලට හෝ aithiyak නේ ජනතාව නියම තීන්දුව දෙඉ
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

