එන්ටර් එයාර් කටුනායකට ගුවන් ගමන් අරඹයි
යුරෝපය පුරා ශීත ඍතුව ආරම්භ වීමත් සමගම පෝලන්තයේ සිට ශීත ඍතුව වෙනුවෙන් සිදු කෙරෙන ගුවන් ගමන් ආරම්භ කරමින් එරට ප්රධාන නගර 03 ක සිට එන්ටර් එයාර් ගුවන් සේවයේ ගුවන් යානා 03 ක් සිය මංගල ගුවන් ගමන් ආරම්භ කරමින් එරට සංචාරයකයන් 550 දෙනෙකු රැගෙන 11/06 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.
ඒ අනුව එන්ටර් එයාර් ගුවන් සේවයේ ගුවන් යානා 11/06 දින උදෑසන 06.51 ට පෝලන්තයේ කැතොවිස් නුවර සිට ඊ.එන්.ටී.- 7607 දරන ගුවන් යානයත් උදෑසන 07.40 ට පොස්නන් නුවර සිට ඊ.එන්.ටී.- 1913 දරන ගුවන් යානයත් සහ උදෑසන 09.40 ට වෝර්සෝ නුවර සිට ඊ.එන්.ටී.- 1561 දරන ගුවන් යානයත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
මේ සඳහා එන්ටර් එයාර් ගුවන් සේවය තම ගුවන් යානා ඇණිය සතු බෝයිං - 737 වර්ගයේ ගුවන් යානා 03 ක් යොදවා තිබුණි. මින් පසු සෑම දින 10 කට වරක් 11/06 දින සිට එළඹෙන 2027 වසරේ 04/02 දින දක්වා , එම නගර වල සිට මෙම ගුවන් යානා 42 මගින් මෙරටට සංචාරයකයන් රැගෙන ඒමට නියමිතය. පෝලන්තය සහ ශ්රී ලංකාව අතර මෙම ශීත ඍතු ගුවන් ගමන් සේවා වසර 15 ක සිට ක්රියාත්මක වෙමින් පවතී .

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
