ලොවපුරා රටවල් එන්නතට පමණක් මුල් තැනක් ලබාදෙමින්, අනෙක් මහජන සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අමතක කිරීමක් කළොත් එය ඔවුන් කරගන්නා ලොකු වැරැද්දක් වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රෝස් අද්නොම් ගෙබ්රෙයීසුස් අවධාරණය කරයි.
සති හතකට පසුව ලොව පුරා වාර්තා වන කොවිඩ්-19 ආසාදිතයන්ගේ යළි ඉහළ යෑමක් සම්බන්ධයෙන් අනතුරු අඟවමින් පසුගියදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂවරයා ප්රමුඛ වසංගතය පිළිබඳ එහි තාක්ෂණික කමිටුව මෙම අනතුර ඇඟවීම සිදුකරනු ලැබීය.
වසංගතය පිළිබඳ අවදානම අතහැරියොත් යළිත් වටයකට වෛරසය ව්‍යාප්ත වීම නොවැළැක්විය හැකි බව කොවිඩ්-19 වසංගතය පිළිබඳ තාක්ෂණික අංශ ප්‍රධානී මාරියා වැන් කෙර්කොව් සඳහන් කළාය.
කොවිඩ්-19 ආරක්ෂණ එන්නතට අවස්ථාව ලබාදී ඇතැම් රටවල් වසංගත සීමා කිරීම් ලිහිල් කිරීම වැරැද්දක් බව පවසා සිටි ලෝක සෞඛ්‍ය සංවිධානය, සෑමවිටම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග හා දැනට පවතින සීමා එලෙසින්ම පවත්වාගෙන යෑමේ වැදගත්කම යළි යළිත් අවධාරණය කරන්නේ, එන්නත්කරණය නිසා ලොව තුළ වසංගතය පාලනය වී ඇතැයි යන්න ප්‍රකාශ කිරීමට තවමත් කල් වැඩි බවද සිහිපත් කරමිනි.