ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක එන්නත් හිඟයක් පවතින තත්ත්වයක, දෙවැනි රැල්ලෙන් රට මුදවා ගැනීම සඳහා කොවිඩ්-19 මර්දන එන්නත් සැපයුම වැඩි කරන බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පොරොන්දු වෙයි.
"කොරෝනා එන්නත් සැපයීම ඉතා විශාල පරිමාණයකින් වැඩි කිරීමට උත්සාහ කරමින් සිටිනවා" අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මැයි 1දා සිට අවුරුදු 18ට වැඩි පිරිසට එන්නත් ලබාදීමේ ජාතික එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළද, බොහෝ ප්රාන්තයන් එන්නත් සැපයුම හිඟ බවට මැසිවිලි නැගීය. දෙවැනි රැල්ල අප්‍රේල් මස අගදී ඉන්දියාවට පැමිණීමට පෙර එන්නත් ලබාගත හැකි වූයේ වයස අවුරුදු 45 සහ ඊට වැඩි අයට පමණි.
කෙසේ වෙතත්, ඉදිරි දිනවලදී එන්නත් කිරීමේ කාලසටහන ප්‍රාන්තවලට වේගවත් කිරීමට උත්සාහ කරන බව අගමැති මෝදි පැවසීය.
මේ මාසයේදී කෝවිඩ්-19 අර්බුදය ගැන මෝදි කතා කළ දෙවැනි අවස්ථාව මෙයයි. දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම රෝහල්වල ඔක්සිජන් කර්මාන්ත ශාලා ස්ථාපනය කරන ලෙස ඉල්ලා සිටි ඔහු, ආසාදන අඩුවන ප්‍රාන්තවලින් දිගින් දිගටම සුපරීක්ෂාකාරීව සිටින ලෙස ඉල්ලා සිටියේය.
"ග්‍රාමීය ප්‍රදේශවල වෛද්‍ය යටිතල පහසුකම් සහ ධාරිතාව ඉහළ නැංවීම සඳහා ගනු ලබන ප්රයත්නයන් පිළිබඳව නිලධාරීන් විසින් මෝදි දැනුවත් කළ අතර, සහන ද්‍රව්‍ය ග්‍රාමීය ප්‍රදේශවලට පහසුවෙන් ප්‍රවේශ කරවීමේ අවස්ථාව සලසන ලෙස මෝදි නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.
"මා සටන් කරන්නේ සෑම ජීවිතයක්ම බේරා ගැනීම සඳහා යි" මෝදි කියා තිබේ.
ඉන්දියාවට බටහිර වෙරළ තීරය ඔස්සේ ඇදුණු ඇති ප්රබලතම කුණාටුව හේතුවෙන් එරට කොවිඩ්-19 තත්ත්වය තවදුරටත් දරුණු කළ හැකි බවට අනතුරු ඇඟවෙයි. කොවිඩ් -19 සම්බන්ධයෙන් බලධාරීන් දැක්වූ ප්‍රතිචාරයට මෙම සුළි කුණාටුව බාධාවක් විය හැකි බවද කියයි. පසුගිය සතිය තුළ දෛනික සිද්ධීන් අඩුවෙමින් පැවතුනද, කෝවිඩ් ආශ්රිත මරණ අඛණ්ඩව වාර්තාගත මට්ටම් කරා ළඟා වෙමින් පවතින බැවින් අර්බුදය තවමත් අවසන් නොමැති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.