ලෝකයේ බිලියන ගණනකගේ ජීවිතවලට තර්ජනයක් වන ආකාරයෙන් එන්නත් වෙනස් කොට සැලකීමකින් තොරව, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති සියලුම එන්නත් වසංගතයට එරෙහිව අනුමත එන්නත් ලෙස හඳුනාගෙන කටයුතු කරන ලෙස එම සංවිධානය අවධාරණය කරයි.
වර්තමානයේ රටවල් කිහිපයක් සහ යුරෝපා සංගමය ඇතුළු කණ්ඩායම් විසින් එන්නත් ලබාගත් සංචාරකයන්ට සමහර කොවිඩ්-19 සීමාවන් මගහැර තම රටවලට ඇතුළු වීමට අවස්ථාව ලබාදුන්නත්, ඔවුන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද සියලුම එන්නත් වර්ග පිළිනොගැනීම සම්බන්ධයෙන් එම සංවිධානය මෙම ප්‍රකාශය සිදුකර තිබේ.
නිදසුනක් වශයෙන්, යුරෝපා සංගමයේ එන්නත් විදේශ ගමන් බලපත්‍රය පිළිගන්නේ තමන්ගේම නියාමකයා විසින් අනුමත කරන ලද එන්නත් පමණකි. ඒ සඳහා දැනට අනුමතව පවතින්නේ එන්නත් වර්ග හතරකි. නමුදු යුරෝපා සංගමය තුළ හංගේරියාව විසින් චීනයේ සීනොවැක් සහ රුසියාවේ ස්පුට්නික් වී වැනි වෙනත් එන්නත්ද අනුමත කරමින්, එම රටවල පරිපාලනය කර ඇත. එසේම යුරෝපා සංගමය ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා ලබාගත් අයටද කලාපයට පහසුවෙන් ඇතුළුවීමට අවස්ථාව නොදෙයි.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද එන්නත් මගින් ආරක්ෂා කර ඇති පුද්ගලයන්ට වෙනත් කලාපයන් තුළට ඇතුළු වීමට සහ නැවත සංචාරය කිරීමෙන් ප්රතිලාභ ලබා ගැනීමට ඉඩ සලසන ඕනෑම පියවරක් ද්වි-ස්ථර පද්ධතියක් ඵලදායී ලෙස නිර්මාණය කරන්නකි. ගෝලීය එන්නත් බෙදීම් තවදුරටත් පුළුල් කිරීම සහ දැනටමත් උග්‍රවී ඇති එන්නත් බෙදාහැරීමේ අසමානතාවන්ද ඉන් මගහරවනු ඇති බව කියැවේ.
"ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද සියලුම එන්නත් භාර නොගන්නා රටවල් දැනටමත් ආරක්ෂිත හා ඵලදායී බව පෙන්වා දී ඇති ජීවිතාරක්ෂක එන්නත් පිළිබඳ විශ්වාසය අඩපණ කරමින් සිටිනවා. මෙවැනි සැලකීමක් ජනතාව එන්නත්කරණයට යොමුවීම කෙරෙහි බලපාන අතර, බිලියන ගණනක් අවදානමට ලක්විය හැකියි" COVAX හවුල්කරුවන්ගේ ප්‍රකාශය පවසයි. "ලෝකය වෙළඳ, වාණිජ හා සංචාර නැවත ආරම්භ කිරීමට උත්සාහ කරන මොහොතක, මෙය මනුෂ්‍ය ජීවගුණය හා ලැබෙන ඵලයන් යන දෙකටම එකිනෙකට ඵලදායක වෙනවා."
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන ලද එන්නත් වන්නේ, ෆයිසර්-බයෝඑන්ටෙක්, ඇස්ට්‍රාසෙනෙකා-ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය (ඉන්දියාවේ සේරම් ආයතනය විසින් බලපත්‍ර යටතේ නිපදවූ ඒවාද ඇතුළුව), ජැන්සන්-ජොන්සන් සහ ජොන්සන්, මෝඩර්නා, සීනොෆාම් සහ සිනොවැක් යන එන්නත්ය. ස්පුට්නික් වී ඇතුළු අනෙකුත් එන්නත් සමාලෝචනයට ලක්ව ඇත.