කොවිඩ්-19 ට එරෙහිව මෑතකදී ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාගත් නෝර්වීජියානු සෞඛ්‍ය සේවකයන් තිදෙනෙකු රුධිර වහනය, රුධිර කැටි ගැසීම් සහ රුධිර පට්ටිකා අඩුවීම ආදී සංකූලතා හේතුවෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව එරට සෞඛ්‍ය බලධාරීන් ඊයේ (13දා) ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශය ඔවුන් සිදුකරන විටත් නෝර්වේ රාජ්‍ය තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම තාවකාලිකව නවතා දමා තිබූ අතර, එය ඩෙන්මාර්කයේ, ඔස්ට්‍රියාව එවැනිම පියවරක් අනුගමනය කිරීමට පසුව සිදුවිය.
"මේ සිදුවීම් මෙම එන්නත්කරණය හා සෘජුවම සම්බන්ධ දැයි අපි තවමත් දන්නේ නැහැ" යනුවෙන් නෝර්වීජියානු ඖෂධ ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු වන සිගුර්ඩ් හෝර්ටෙමෝ නෝර්වීජියානු මහජන සෞඛ්‍ය ආයතනය සමග ඒකාබද්ධව පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. මෙම සෞඛ්‍ය සේවකයන් තිදෙනාම වයස අවුරුදු 50ට අඩු අය බව කියයි.
මෙම සිද්ධීන් තුන පිළිබඳව යුරෝපා සංගමයේ ඖෂධ නියාමකයා වන යුරෝපීය ඖෂධ ඒජන්සිය මේ වනවිටත් විමර්ශනය කරන බව හෝර්ටෙමෝ වැඩිදුරටත් පැවසීය.
"ඔවුන්ට ඉතා අසාමාන්‍ය රෝග ලක්ෂණ පවතිනවා. රුධිර වහනයක්, රුධිර කැටි ගැසීම් සහ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීමක් දැකිය හැකියි" යනුවෙන් නෝර්වීජියානු ඖෂධ ඒජන්සියේ වෛද්‍ය අධ්යක්ෂ ස්ටයිනර් මැඩ්සන් සඳහන් කළේය.
"ඔවුන් තරමක් අසනීපයෙන් පසුවෙනවා. ඒ නිසා අපි මෙය ඉතා බැරෑරුම් ලෙස සලකනවා" යැයි හෙතෙම අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළ බවද පවසමින් සඳහන් කළේය.
කෙසේ වෙතත්, යුරෝපීය ඖෂධ ඒජන්සිය මීට පෙර කොවිඩ්-19 මර්දන එන්නතෙන් ඇතිවිය හැකි අතුරු ආබාධ ලැයිස්තුවට දැඩි අසාත්මික ප්‍රතික්‍රියා එකතු කර තිබුණත්, ඔවුන් පසුව කියා සිටියේ එන්නතෙහි ප්රතිලාභ, එහි අවදානම් ඉක්මවා ඇති බැවින් ඇස්ට්‍රාසෙනෙකා එන්නත භාවිතය නතර නොකර එය දිගටම පරිපාලනය කළ හැකි බවය.
එමෙන්ම ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සමග සංවර්ධනය කරන ලද ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත් භාවිතය නතර කිරීමට තරම් හේතුවක් දැනට නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයද කියා තිබුණි.