සියලුම මොරොක්කෝවරුන්ට කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නතක් නොමිලේ ලබාදෙන ලෙස මොරොක්කෝවේ හයවැනි මොහොමඩ් රජතුමා නියෝග කර තිබේ.
තුන්වැනි අදියර අත්හදා බැලීම් අවසන් වූ වහාම ඉදිරි සති කිහිපය තුළ චීනයේ සීනෝෆාර්ම් සමාගමේ කොරෝනාවැක් එන්නත එරට වැසියන්ට ලබාදීමට මොරොක්කෝව සැලසුම් කරයි.
මීට අමතරව ඇස්ට්රාසෙනෙකා වෙතින්ද එන්නත් මාත්රාව ඇණවුම් කර ඇති අතර, අනෙකුත් එන්නත් නිපදවන්නන් සමග සාකච්ඡා කරමින් සිටින බව අග්රාමාත්ය සාද් ඩයින් එල් ඔට්මානි පවසයි.
අඟහරුවාදා වනවිට මිලියන 36ක් පමණ ජනගහනයක් සිටින මොරොක්කෝවේ කොවිඩ්-19 ආසාදිතයන් 384,088ක් සහ මරණ 6,370ක් වාර්තා වී තිබේ. එහි සක්රීය රෝගීන් 40,000ක් පමණ වෙති.