නව කොරෝනා වෛරස එන්නතක් පෙනෙන දුරක තිබිය හැකිය යන බලාපොරොත්තුව මෙම නිවාඩු සමයේ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සමීපව පිළිපැදීමට ජනතාව පොළඹවන්නක් මිස, ඒ සෞඛ්‍ය පුරුදුවලින් ඉවත්වී උදම් ඇනීමට අවස්ථාවක් නොවිය යුතු බව වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කරයි.
ඇමරිකානු වෛද්‍ය තොරතුරු සංගමය විසින් පවත්වන ලද වැඩසටහනකදී එක්සත් ජනපද ජාතික අසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනී ෆවුසි පැවසුවේ, "අශ්වාරෝහක කණ්ඩායම පැමිණෙන බව පෙනෙනවා. නමුත් ඒ අශ්වාරෝහක කණ්ඩායම තවමත් මෙහි පැමිණ නැහැ. ඒ නිසා කලබල නොවන්න. සෞඛ්‍යපුරුදු අත් නොහරින්න." යනුවෙනි.
මේ පුවතින් දත් විරිත්තමින්, සිනහා පහළ කරමින්, උද්දාමයෙන් කතා කිරීමට තමාට අවශ්‍ය නොවන බවත්, ඇමරිකානුවන් මෙම නිවාඩු සමයේදී ජනතාව ඒකරාශී වීමෙන් වැළකී, නිසි මහජන සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් සිටිය යුතු බවත් ඔහු නැවත අවධාරණය කළේය.
"කරුණාකර අවදානම් ප්රතිලාභ තක්සේරුවක් කරන්න" ඔහු පැවසීය.
මේ අතර ජෝර්ජ් වොෂිංටන් විශ්ව විද්‍යාල රෝහලේ හදිසි ඒකකයේ වෛද්‍ය අංශයේ ප්‍රධානී වෛද්‍ය ජේම්ස් ෆිලිප්ස් පැවසුවේ ප්‍රශංසා කිරීමේ දේවමෙහෙයෙන් පසු එක්සත් ජනපදයේ ආසාදන ඉහළ යා හැකි බවය.
"මේ වසරේ ප්‍රශංසා කිරීමේ දෙවමෙහෙයෙන් පසු පෙර නොවූ විරූ ආකාරයේ සිද්ධීන් අපට දකින්නට ලැබේවි. මිනිසුන් එයින් පාඩමක් ඉගෙන නොගන්නේ නම්, නත්තලට පසුවද අපට මේ ප්‍රවණතාව දකින්නට ලැබේවි" පිලිප්ස් වැඩිදුරටත් පැවසීය.