යුරෝපයේ සහ උතුරු ඇමරිකාවේ මෙන්ම ලොව පුරා නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ ඉහළ යෑම සම්බන්ධයෙන් තම ඒජන්සිය අතිශයින් සැලකිලිමත් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් අවධාරණය කරයි.
ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ ආසාදන වැඩිවීම සෞඛ්‍ය සේවකයන් කඩා වැටෙන තැනකට තල්ලු කරන බවය.
කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ පුද්ගලයකු සමග සම්බන්ධ වීමෙන් පසු පූර්වාරක්ෂාවක් ලෙස ටෙඩ්රොස් සති දෙකක කාලයක් ස්වයං නිරෝධායනයෙන් පසු පළමු වරට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලස්ථානයට පැමිණියේ මෙම මාධ්‍ය හමුව සඳහාය.
ටෙඩ්රොස් කොවිඩ්-19 එන්නත් පිළිබඳ දිරිගන්වනසුලු ප්රවෘත්ති ගැන ප්‍රශංසා කළ නමුත් මෙම පුවත්වලින්, මිනිසුන් වසංගතය සම්බන්ධයෙන් නොසැලකිලිමත් නොවිය යුතු බවට අනතුරු ඇඟවීය.
මේ වනවිට ජර්මනියේ බයෝ එන්ටෙක් සහ ඇමෙරිකානු ෆයිසර් සමාගමේ එන්නත 90%ක ඵලදායීතාවක් පෙන්වා ඇති අතර, ඇමෙරිකාවේ මොඩෙර්නා එන්නත් 94.5%ක ඵලදායීතාවක් පෙන්වන බව කීය. එමෙන්ම මේ වනවිට චීනයේ සීනෝවාක් සමාගමේ කොරෝනාවැක් එන්නතද සාර්ථකත්වයක් පෙන්වන බව සඳහන් කර තිබේ.
මෙවැනි එන්නත් පිළිබඳ බලාපොරොත්තු දැල් වුණද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන් පැවසුවේ ඒජන්සියේ ගෝලීය එන්නත් බෙදාහැරීමේ සැලසුම් සඳහා 2021 මුල් භාගයේදී ඉතා සීමිත කොවිඩ්-19 එන්නත් මාත්‍රාවක් ලබාගත හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවය.