කොවිඩ්-19 එන්නත් නිෂ්පාදනය සැලකිය යුතු ලෙස ඉහළ නංවමින්, ලොවපුරා එන්නත් සඳහා ප්‍රමුඛතාව ඇති පිරිස් සමග එන්නත් බෙදා ගන්නා ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා එන්නත් නිෂ්පාදකයන්ගෙන් සහ එම රටවලින් ඉල්ලීමක් කර තිබේ.
ලොව පුරා කොවිඩ්-19 එන්නත් සඳහා අසමාන ලෙස ප්රවේශවීමේ සෘණාත්මක බලපෑම නැවත වරක් මාධ්‍ය හමුවේදී අවධාරණය කළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයීසස් අවධාරණය කළේ, ගෝලීය වශයෙන් නිෂ්පාදිත එන්නත් මාත්‍රා දැනටමත් වාර්තා වී ඇති කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව සමග සැසඳීමේදී හතරෙන් තුනකට වඩා වැඩි වුවත්, එම එන්නත් බෙදාහැර ඇත්තේ ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 60%ක් පමණ දරණ රටවල් 10කට පමණක් බවයි.
මේ අතර රටවල් 130කට ආසන්න සංඛ්‍යාවක බිලියන 2.5ක ජනතාවට එක් මාත්‍රාවක්වත් හෝ ලැබී නැති බවද ඔහු පවසයි.
"සියලුම රජයන් තමන්ගේම ජනතාව ආරක්ෂා කිරීමට බැඳීමක් තිබෙනවා. නමුත් එන්නත් ලබා ඇති රටවල් තමන්ගේ සෞඛ්‍ය සේවකයන්ට සහ වැඩිහිටියන්ට එන්නත ලබා දුන් පසු, ඔවුන්ගේම ජනගහනය ආරක්ෂා කර ගත හැකි හොඳම ක්‍රමය වන්නේ එන්නත් බෙදා ගැනීමයි. එවිට අනෙක් රටවලටද එය කළ හැකියි."
"සෑම තැනකම වැඩිපුරම අවදානමට ලක්ව සිටින අයට එන්නත ලබා දීමට වැඩි කාලයක් ගත වුවහොත්, එන්නතට ප්‍රතික්‍රියා නොදැක්වීමට හා එය මඟහැරීමට වෛරසයට වැඩි අවස්ථාවක් අප ලබාදීමක් තමයි, සිදුවන්නේ. අප සෑම තැනකම වෛරසය මැඩපවත්වන්නේ නැත්නම්, අපට නැවත එක්ව ජයග්‍රහණයක් ලබාගැනීමට නොහැකියි." ටෙඩ්රොස් වැඩිදුරටත් පැවසීය.