කොරෝනා මර්දන එන්නත පෞද්ගලික ඔසුසැල්වල සේවකයින් සඳහා ලබාදීමට කටයුතු නොකරන්නේ නම් ඉදිරියේ දී ඔසුසැල් වසා දැමීමට සිදුවන බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසැල් හිමියන්ගේ සංගමය පවසයි.
කොළඹ දිස්ත්රික් ඔසුසැල් හිමියන්ගේ සංගමයේ සභාපති හේමන්ත විජේසේකර පැවසුවේ එම එන්නත ලබාදෙන ලෙස අවස්ථා ගණනාවකදී අදාළ පාර්ශවයන්ගෙන් ඉල්ලීම් කළද ඊට මෙතෙක් විසදුමක් ලැබී නොමැති බවයි.
ඔසුසැල් කාර්යමණ්ඩලය දැඩි අවදානම් තත්ත්වයක පවතින බවත් ඔහු වැඩිදුරටත් සදහන් කළේය.