කොවිඩ්-19 එන්නත් තරගයේදී ලොව දුප්පත්ම හා වඩාත් අවදානමට ලක්විය හැකි රටවල ජනතාව පාගා නොදමන්න යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අවධාරණය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයිසස් අවධාරණය කරන්නේ, ලොව පුරා එන්නත් සමානව බෙදාහැරිය යුතු බවත්, මෙවැනි බෙදාහැරීමේ යෝජනා ක්‍රමයක් සඳහා ඇ.ඩො.බිලියන 4.3ක් අවශ්‍ය බවත්ය.
ලොව පුරා එන්නත් බෙදාගැනීමට නොහැකිද යන්න නොව, එය නොකර සිටීමට හැකිද යන්න සියලු දෙනා ප්‍රශ්න කළ යුතුව ඇති බවත් ඔහු කියා සිටියේය.
කොවිඩ්-19 වසංගතය වැළැක්විය හැකි එන්නත් කිහිපයක් පිළිබඳ මේ වනවිට කතාබහ ඇරඹි ඇති වටපිටාවක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මෙම කරුණු අවධාරණය කරයි.