කොවිඩ්-19 එන්නත් ගැන මේ වනවිට බොහෝ සේ කතාබහට ලක්වුවද, එන්නත වසංගතයට ආශ්චර්යමත් විසඳමක් නොවීමටද ඉඩ ඇති බවට WHO සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් අනතුරු අඟවයි.
ස්විට්සර්ලන්තයේ රයන් ජිනීවා හි පැවති ප්රවෘත්ති සාකච්ඡාවක් අමතමින් වෛද්‍ය රයන් මෙම කරුණු ගෙනහැර දැක්වීය.
"එන්නත ගැන අපි බොහෝ දේ තේරුම් ගන්නා තෙක්, සැබෑ ලෝකයේ එන්නත් ක්‍රියා කරන ආකාරය ගැනත්, මේ වෛරසය සම්ප්‍රේෂණය වන ආකාරය ගැන වැඩි විස්තර අවබෝධ කර ගන්නා තෙත්, මේ වෛරසය තුරන් කළ හැකි බවට අප කිසිවෙකුට පොරොන්දු විය හැකි යැයි මා සිතන්නේ නැහැ." රයන් පැවසීය.