කොවිඩ්-19 වෛරසය පැතිරීම පාලනය සඳහා ප්‍රාන්ත හා ප්‍රාදේශීය මට්ටමින් එන්නත්කරණය අනිවාර්ය කිරීමේ නියෝග පැමිණිය යුතු බව එක්සත් ජනපද රජයේ ඉහළම බෝවෙන රෝග විශේෂඥ වෛද්‍ය ඇන්තනී ෆවුසි අවධාරණය කරයි.
ෆවුසිගේ විවේචන පැමිණෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය එක්සත් ජනපදය පුරා වැඩි වෙමින් පවතින පසුබිමකය. ඒ එන්නත් නොකළ ඇමෙරිකානුවන් එන්නත්කරණයට යොමුකර ගැනීම සඳහා වත්මන් ජනපති බයිඩන්ගේ පරිපාලනය කවරාකාර ක්‍රමවේදයක් තක්සේරු කරනු ඇතිද යන්න කිරා මැන බලන සමයකය.
එරට මාධ්‍ය වෙත අදහස් දැක්වූ ෆවුසි පවසා සිටියේ පාසල් හා විශ්ව විද්‍යාලවලට අමතරව පෞද්ගලික අංශය තුළ එන්නත් ලබාදීමේ නියෝග රැල්ලක් ක්‍රියාත්මක විය යුතු බවය.
ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය මීට පෙර පවසා තිබුනේ ෆෙඩරල් රජය විසින් ෆෙඩරල් සේවක බලකායෙන් ඔබ්බට එන්නත් ලබා නොදෙන නමුත්, එම වගකීම ගෙන කටයුතු කරන ලෙස ප්‍රාන්ත හා ප්‍රාදේශීය පාලනයන් වෙත ආයාචනා කළේය.
මීට අමතරව ෆවුසි සඳහන් කළේ අගෝස්තු අවසානය වනවිට එරට ආහාර හා ඖෂධ පරිපාලනය කොරෝනා මර්දන එන්නත සඳහා පූර්ණ අනුමැතිය ලබාදෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවය. ඔවුන් විසින් ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත් සඳහා දැනට ලබාදී ඇත්තේ හදිසි භාවිත අනුමැතිය පමණි.