ෆයිසර් කොරෝනා වෛරස එන්නත හදිසි භාවිතය සඳහා දවස අවසානයට පෙර බලය පැවරිය යුතු බවත්, එසේ නොවුවහොත් තමාට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවන බවත් ධවල මන්දිර මාණ්ඩලික ප්‍රධානී මාක් මෙඩෝස් එරට ආහාර හා ඖෂධ පරිපාලන කොමසාරිස් ස්ටීවන් හාන් වෙත පවසා තිබේ.
ධවල මන්දිරයේ නිලධාරියෙකු පැවසුවේ ඔවුන් පෞද්ගලික සංවාද ගැන අදහස් නොදක්වන නමුත් ධවල මන්දිර ප්‍රධානියා එන්නතක් ලබාගැනීමේ ප්‍රගතිය පිළිබඳව නිරන්තරයෙන් යාවත්කාලීන කිරීම් ඉල්ලා සිටින බවය.
විශේෂයෙන්ම මෙම සතිය මුලදී එක්සත් රාජධානියේ ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත බෙදාහැරීම ආරම්භ කළ දින සිට ට්‍රම්ප් විසින් මෙම පීඩනය එල්ල කර ඇති බවට වාර්තා වන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.
වොෂිංටන් පෝස්ට් විසින් ස්ටීවන් හාන් සහ ධවල මන්දිරයේ මාණ්ඩලික ප්‍රධානී අතර සංවාදය මුලින්ම වාර්තා කළේය.
එක්සත් ජනපදයේ කොවිඩ්-19 ආසාදන සංඛ්‍යාව මේ වනවිට 15,817,169ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 294,690ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මරණ සංඛ්‍යාව 2021 අප්‍රේල් මස 01දා වනවිට 539,000ක් වනු ඇති බව වොෂිංටන් විශ්ව විද්‍යාල, වෛද්‍ය විද්‍යාලයේ සෞඛ්‍ය ප්‍රමිතික හා ඇගයීම් ආයතනය පුරෝකථනය කර තිබේ.