එජාපයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ජනවාරියේ
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමග ජනාධිපතිවරයාට ලොකු බලයක් ලැබී ඇති බවත් පවතින රජය තුනෙන් දෙකක බලයක් ඇති නිසා පාර්ලිමේන්තුව සමග ගැටීමට පක්ෂ සියල්ල එකතුවී එකම වේදිකාවකට පැමිණිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පවසයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රති සංවිධානය කටයුතු වලට එක්වීමට පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“අපේ පක්ෂයයි සමගි ජන බලවේගයයි විතරක් මදි රටේ ඉන්න විපක්ෂයේ පක්ෂ එකතු කරගෙන මේ ආණ්ඩුවත් එක්ක සටන් කරන්න සිදුවෙනවා .
මෙච්චර කල් අපි බලාගෙන හිටියේ පාර්ලිමේන්තුවේ මොනවද වෙන්නේ කියල .
මේ දවස් ටිකේ අපි දැක්කා පාර්ලිමේන්තුව විහිලුවක් බවට පත්වෙලා තියෙනවා. එක පැත්තකින් ඇමතිවරු මන්ත්‍රීවරු හැසිරෙන හැටි හරිම කණගාටු දායකයි .
පරුෂ වචනයෙන් බැන ගන්නවා.එක එක්නොට එක එක චෝදනා ඉදිරිපත් කරනවා. කථානායකතුමා සහ ඒ ගොල්ලන්ගේ ඔක්කොම අය දැන් පැනි බොන්නත් පටන් අරන් තියෙනවා .
තව පැත්තකින් අපි දැක්කා රටේ ජනතාව දුක් විදින අවස්ථාවේ ආණ්ඩුපක්ෂයයි විපක්ෂයයි දෙගොල්ල එකතුවෙලා පාර්ලිමේන්තුවේ පූල් ටේබල් එකේ බෝල ගහනවා. මේ දකින විදිය හරිම කණගාටුදායකයි .
මොනවාද වෙන්නේ කියලා එක්සත් ජාතික පක්ෂය විදියට අපි පැත්තකට වෙලා බලන් හිටියා .
දැන් සුදුසු අවස්ථාවක් පාර්ලිමේන්තුවේදි ඒ හඩ නංවන්න.ජනවාරි මාසේ අපි අනිවාර්යයෙන්ම අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්කර ගන්නවා.”
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

