එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ හැසිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ගේ දැඩි කළකිරිමක් ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (29 දා) සවස ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳ පුදාගෙන අශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පැවැසීය.
''අද එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හැසිරෙන ආකාරය පිළිබඳව එම පක්ෂයම මන්ත්‍රීවරුන්ගේ දැඩි කළකිරීමක් තිබෙනවා. එම නිසා මෙම මන්ත්‍රීවරුන් තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ රැඳී සිටීම තේරුමක් නැහැ. ''
අනුරාධපු බී.ජේ. චතුරංග