එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට ඉදිරිපත්වීමට තමන් තීරණය කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එජාප නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා පැවැසීය.
මහනුවර මල්වතු විහාරයේදී මල්වතු මහ නාහිමියන් හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“දැන් මතයක් හැදිලා තිබෙනවා අලුත් නායකත්වයක්, තරුණ නායකත්වයක් අවශ්‍යයි කියලා. මේ ඉල්ලීමට මමත් නායකත්වයට ඉදිරිපත් වෙනවා කියලා තීරණය කළා. ලබන සුමානේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙනවා එහිදී හරි තීරණය ගනියි කියලා හිතනවා."
Q ඡන්ද විමසීමකින්ද සිදුවෙන්නේ
යම් කිසි සහායෝගයකින් කථා වෙලා තීරණයක් ගනී කියලා හිතනවා. එහෙම කරන්න බැරි වුණොත් ඡන්ද විමසීමකින් කවුරු හරි පත්වෙයි.
Q සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වය දුන්නේ නැත්තේ ඥාති පුතා වන රුවන් විජයවර්ධනයට පක්ෂ නායකත්වය දෙන්න රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලැස්මක් කියලා කියනවා. මේක ඇත්තද?
ඒක නම් පිළිගන්නේ නෑ. මම හිතන්නේ නෑ කවදාවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙච්චරක් අල්ලන් හිටියේ මට දෙන්න කියලා. එතුමා කවදාවත් ඥාතීන්ට එහෙම දෙයක් හදන්නේ නැති පුද්ගලයෙක්. එතුමා සුදුස්සාට සුදුසු තැන දෙන කෙනෙක්.
මේ අතර අනුරාධපුර නැගෙනහිර එක්සත් ජාතික පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් රුවන් විජයවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේ,
“අපේ පක්ෂයෙන් කඩාගෙන ගිය කණ්ඩායම් වෙනම පක්ෂයක් හදාගෙන මැතිවරණයට ඉදිරිපත් වුණා. ඒක අපිට අභියෝගයක් වුණා. අපේ පාක්ෂිකයන් කළකිරුණා ඒ නිසයි අපිට මෙහෙම පරාජයකට මුහුණ දෙන්න වුණේ.
මේක එක්සත් ජාතික පක්ෂයේ පරාජය නෙමෙයි.මම මේක දකින්නේ අවස්ථවක් විදිහට. දැන් අපිට අවස්ථාවක් තිබෙනවා වැරදුන තැන හොයන්න. අවස්ථාවක් තිබෙනවා පක්ෂය තුළ ප්රතිසංවිධාන කටයුතු සියල්ලක්ම කරන්න.
අපිටත් සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක යන්න තිබුණා. ලේසියෙන් දිනන්නත් තිබුණා. නමුත් අපි ප්‍රතිපත්ති දේශපාලනයක් කරන්නේ.
අපි මේ පක්ෂය දාලා යන්නේ නෑ. පාර්ලිමේන්තුවට නොගිය එක ගැන අපි කනගාටු වෙන්නේ නෑ. අපි හරි තීරණය ගත්තේ. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට මම ඉදිරිපත් වන බව අනිවාර්යයෙන් ප්‍රකාශ කරන්න ඕන”