එංගලන්තයේ සිට ආනයනය කර තිබූ අපද්‍රව්‍ය බහාලුම් විසි එකක් නැවත එංගලන්තයට යැවීමට කටයුතු කළ බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
2017 වසරේ දෙසැම්බර් මාසයේදී එංගලන්තයේ සිට නීතිවිරෝධී ලෙස අපද්‍රව්‍ය සහිත බහාලුම් (කන්ටේනර්) දෙසිය හැටතුනක් ලංකාවට එවා තිබූ බවත්, ඉන් විසි එකක් Seamax Norwalk (V/03qr) නැව හරහා එංගලන්තයට යැවූ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
අපද්‍රව්‍ය බහාලුම් දෙසිය හතළිස් දෙකක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කටයුතු පවතින බවත්, එම බහාලුම් පිළිබඳ අධිකරණයෙන් ලබාදෙන නියෝග මත කටයුතු කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
බහාලුම් 242න් එකසිය දොළහක් කොළඹ වරාය තුළත් ඉතිරි බහාලුම් එකසිය තිහ කටුනායක ආයෝජන කලාපය තුළත් රඳවා තිබෙන බවත්, නැවත එංගලන්තයට යැවූ බහාලුම් විසි එක අදාළව අදාළ ආයතනවලින් වන්දි මුදලක් ලබාගැනීමට හැකියාව තිබෙනවාද යන්න නීති උපදෙස් ලබාගැනීමට බලාපොරොත්තු වන බවත් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
අදාළ බහාලුම් විසි එක නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත මධ්‍යම පරිසර අධිකාරිය ශ්‍රී ලංකා එංගලන්ත මහකොමසාරිස් කාර්යාලය විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහයෝගය මත මෙය සිදුකළ බවද හෙතෙම පැවසීය.
මීට අමතරව පරිමාණ බලශක්ති අධිකාරිය වෛද්‍ය පර්යේෂණ ආයතනය වරාය පර්යන්ත හා නැව් සමාගමත් උදව් උපකාර කර තිබෙන බවත්, ඊයේ (26දා) දිනයේදී අදාළ බහාලුම් එංගලන්තය වෙත යවා ඇති බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.