කොවිඩ්-19 ආසාදන දෙවැනි රැල්ල පාලනය කිරීමට එංගලන්තය සති හතරක අගුලු දැමීම ආරම්භ කරන විට අගමැති බොරිස් ජොන්සන් පවසා සිටියේ, මේ දුෂ්කර උමං මාර්ගය අවසානයේ ආලෝකය පවතින බවය.
බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියේ සිට අගුලු දැමීම් ආරම්භයේදී නව සීමා කිරීම් ක්‍රියාත්මක වූ අතර, බොහෝ අවස්ථාවන්හිදී මිනිසුන්ට නිවසේ රැඳී සිටීමට සිදුවන බව සඳහන් වෙයි.
ඩවුන්ං වීදියේ පැවති මාධ්‍ය හමුවේදී ජොන්සන් පැවසුවේ, "එක්සත් රාජධානියේ රජය සහ සියලු පරිපාලන ආයතන නත්තල් සමය සඳහා ඒකාබද්ධ ප්‍රවේශයක් මත කටයුතු කරමින් සිටින නිසා පවුල්වල සියලු දෙනාට එකට එක්විය හැකි බව සහතික කිරීමට අප සැවොම කැමතියි" යනුවෙනි.
"මට ලැබී ඇති උපදෙස් අනුව මේ පියවරයන් ඔස්සේ වෛරසය පාලනය සඳහා සැබෑ බලපෑමක් ඇති කිරීමට සති හතරක් ප්‍රමාණවත්. ඒ සමග මේ නීතිරීති ලිහිල් කළ හැකිවේවි. දෙසැම්බර් 2දා සිට අපට නැවත එකිනෙකා සමග සම්බන්ධ වන ප්රවේශයකට පිවිසීමට පුළුවන්. එනම් මේ උමග අවසානයේ ආලෝකය පවතිනවා." අගමැතී කීවේය.
"මට සෑම අතින්ම විශ්වාසයක් පවතිනවා. අප මේ ක්‍රියාමාර්ග පැකේජය අපට හැකි උපරිම අයුරින් අනුගමනය කරන්නේ නම් සහ පෙර වසරවලදී මෙන්ම මිනිසුන්ට හැකි තරම් සාමාන්‍ය නත්තල් උත්සවයක් පැවැත්වීමට මට හැකි වනු ඇති බවට සැකයක් නැහැ." ජොන්සන් වැඩිදුරටත් පැවසීය.
යුරෝපය පුරා නව කොරෝනා වෛරස් ආසාදනය වැඩි වනවිට, වසංගතයේ දෙවැනි රැල්ලෙන් එක්සත් රාජධානියේ මරණ වසන්තයේදී වාර්තා වූ සංඛ්‍යාව ඉක්මවා යා හැකි බව ජොන්සන් මේ සතිය මුලදී පැවසීය.