එංගලන්තයේ පාසල් මාර්තු මුල සිට නැවත ආරම්භ කළ හැකි බවට බලාපොරොත්තුවක් පවතින බව එක්සත් රාජධානියේ අගමැති බොරිස් ජොන්සන් පවසයි.
ජොන්සන් හවුස් ඔෆ් කොමන්ස් (බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවෙහි) හි නීති සම්පාදකයන්ට පැවසුවේ පාසල් වසා දැමීම පිළිබඳව දෙමාපියන්ගේ කලකිරීම තමා පිළිගන්නා බවයි. ඒ අනුව මාර්තු 8දා සිට එංගලන්තයේ පාසල් නැවත විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ඔහු කියා සිටියේය.
එසේම ප්‍රමුඛතා කාණ්ඩයේ සිටින ගුරුවරුන්ටද කොරෝනා එන්නත ලබාදීමට කටයුතු කරන බවද අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. මේ වනවිට බ්‍රිතාන්‍යයේ මිලියන 6.8 කට වැඩි පිරිසකට පළමු එන්නත් මාත්‍රාව ලබා දී ඇති බව නවතම නිල සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි.