නියමිත පරිදි එංගලන්තයේ ජාතික අගුලු දැමීමේ සීමාවන් ලබන සතියේ අවසන් වන බව බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් පවසයි.
ශාරිරික යෝග්‍යතා මධ්‍යස්ථාන, සාප්පු සහ රූපලාවන්‍යාගාර නැවත විවෘත කිරීමට ඉඩ ලබාදෙන නමුත් කලාපීය සීමාවන් පවතින බව සඳහන් වෙයි.
අගමැතිවරයා මන්ත්‍රීවරුන්ට කියා සිටියේ සම්පූර්ණ ලිහිල්වීමක් සඳහා තවමත් ළඟාවී නොමැති බවය.
ඒ අනුව සීමා ඉවත් කිරීම් සිදුවන්නේ කවර ප්රදේශවලද යන්න සැලසුම් කිරීම බ්‍රහස්පතින්දා සිදුකරන බවද අගමැති ජොන්සන් කියා සිටියේය.