එක්සත් ජාතීන්ගේ මානව ජනාවාස වැඩසටහන ( UN-Habitat ) විසින් කොවිඩි -19 රෝග ව්‍යාප්තිය පාලනය සඳහා මහජනතාවගේ පුද්ගලික ආරක්ෂණ උපකරණ තොගයක් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්.බි.ආර්. පුෂ්පකුමාර මහතා වෙත පරිත්‍යාග කිරීම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සිදුවිය.
මෙම භාණ්ඩ තොගයට නැවත භාවිතා කළ හැකි මුහුණු ආවරණ, අත්වැසුම්, අත්සනීපාරක්ෂක සහ විෂබීජනාෂක ද්‍රව ඇතුලත් විය.
එක්සත් ජාතීන්ගේ ජනාවාස 2016 වසරේ සිට කඳුකරයේ වතු හා ග්‍රාමීය ප්‍රජාවන්ට සේවය කරන අතර ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේද මෙම ආයතනය මගිනි.
මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ජනාවාස වැඩසටහනේ නියෝජ්‍ය කළමනාකරු සුහයර් ජේ කාරියපර්, අතිරේක දිස්ත්‍රික් ලේකම් පි.ඒ. සරත්චන්ද්‍ර, සහකර දිස්ත්‍රික් ලේකම් ශාලිකා ලිඳකුඹුර යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ගාමිණි බණ්ඩාර ඉලංගතිලක
