කොවිඩ් -19 රට පුරා ව්‍යාප්ත වීම වැළැක්වීමේ උත්සාහයක් ලෙස පසුගිය බ්‍රහස්පතින්දා සිට බලපැවැත්වෙන පරිදි එංගලන්තය ජාතික වශයෙන් අගුලු දැමීමේ පළමු සති හතරේ මුල් සතිය සම්පූර්ණ කළත්, රට පුරා ආසාදන වාර්තා වීම ඉහළ ගොස් තිබේ.
බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් බදාදා නව කොරෝනා වෛරසය ආසාදිතයන් 22,950ක් වාර්තා කර ඇති අතර, ඒ සමග එක්සත් රාජධානියේ සමග සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,256,725ක් දක්වා ඉහළ ගොස් ඇත.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව එක්සත් ජනපදය, බ්‍රසීලය, ඉන්දියාව සහ මෙක්සිකෝවෙන් පසු ලෝකයේ පස්වැනි වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන ස්ථානය බවට එක්සත් රාජධානිය මේ වනවිට පත්ව ඇති අතර, ගෙවීගිය පැය 24 තුළ තවත් මරණ 595ක් වාර්තා කරමින් සමස්ත මරණ සංඛ්‍යාව 50,457ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එසේම එක්සත් ජනපදය, ඉන්දියාව, බ්‍රසීලය, ප්‍රංශය, රුසියාව, ස්පාඤ්ඤය සහ ආර්ජන්ටිනාව යන රටවලින් පසු ලෝකයේ අටවැනි වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වන රට බවටද එක්සත් රාජධානිය පත්ව තිබේ.