එක්සත් ජනපදය තුළ නව කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ දා සිට මේ දක්වා එරට තුළ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ දිනය ලෙස මරණ 163ක් ඊයේ (24දා) වාර්තා වෙයි.
එක්සත් ජනපදයේ අවම වශයෙන් කොවිඩ්-19 හෙවත් නව කොරෝන වයිරස් රෝගීන් 52,976ක් මේ වනවිට වාර්තා වී ඇති අතර පුද්ගලයන් 704ක් වෛරසය හේතුවෙන් මියගොස් ඇති බව කියයි.
එරට වූ සමස්ත ප්‍රාන්ත 50න්ම මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාදිත වූවන් හමුවී ඇති අතර, නිව්යෝක් ප්‍රාන්තය දැඩි අවදානමකට ලක්ව තිබේ.