වසංගතය ආරම්භ වූ දා සිට ඇමෙරිකා එක්සත් ජනපදයේ කොවිඩ්-19 හි අවම වශයෙන් 450,000ක් ඉක්මවා මිය ගොස් ඇති බව ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්ත පෙන්වා දෙයි.
ඒ අනුව අද (04දා) අලුයම වනවිට එරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වුණේ 450,088ක් ලෙසිනි.
එසේම එක්සත් ජනපදයේ අවම වශයෙන් 26,533,999ක කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව විශ්ව විද්‍යාල දත්ත අද (04දා) අලුයම පෙන්වා දෙයි.
ජෝන්ස් හොප්කින්ස් පෙබරවාරි 29 වැනි දින වොෂිංටන් ප්‍රාන්තයේ කොවිඩ්-19 හි පළමු මරණය වාර්තා කළේය.
මුළු කොවිඩ්-19 මරණ 100,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති තවත් රටවල් හතරක් ලෝකයේ පවතින බව විශ්ව විද්‍යාලය පවසයි.
බ්‍රසීලයේ සමස්ත මරණ 226,309ක් වන අතර, මෙක්සිකෝව සහ ඉන්දියාව 150,000ක් ඉක්මවා සහ එක්සත් රාජධානිය 100,000ක් ඉක්මවා මරණ වාර්තා කර තිබේ.